I Phone 6 Plus නවා, කඩා ගැනීම සහ මෝඩයන්ගේ උඩ පැනීම… “Apple Claims Only 9 People Have Complained About iPhone 6 Plus Bending Issue”


ටික දවසකට පස්සේ  මෝඩ විහිළුවක් දැක්ක නිසයි පොඩ්ඩක් ලියන්න හිතුනේ, දින දෙකක පටන් අන්තර්ජාලයේ තරමක් දුරට ව්‍යාප්ත වෙගෙන යන පුවතක් තමයි, මේ Apple අලුතෙන් එලියට දාපු 6 ප්ලස් ෆෝන් එක නැමෙනවා කියන කතාව. මම අද වෙනකල් බලන් හිටියා apple මොකක්ද දෙන උත්තරය මේ ගැන කියලා, “මේ වෙනකොට විකුණුනු phone දහස් ගණන අතරෙන් 09 දෙනෙක්  පමණයි මේ දේ නිල වශයෙන් දැනුම්දීලා තියන්නේ” කියන එකයි.

apple සමාගම තව දුරටත් කියන්නේ, මේක එදිනෙදා පරිහරණයේදී කිසිම විදිහකට නැමීමක් හෝ අලාබනියක් සිදු නොවෙන බවයි. එහෙත් ඔබ phone එක තම පිටුපස තරමක් තද සාක්කුවක දමාගෙන බොහෝ වෙලාවක් වාඩිවී සිටියහොත්, එහිදී ඇති විය හැකි ප්‍රබල තෙරපුමක් නිසා යම් කිසි අයුරකින් අලාබනියක් සිදු විය හැකි බවයි.(ඕනැම phone එකකට ප්‍රමාණය ඉක්මවා කරන තෙරපුමකින් එයට යම් අයුරකින් හෝ හානියක් සිදුවිම අරුමයක් නොවේ. එසේම ඔබ බලාපොරෝතුවෙන් සිටින්නේ අලුත් තාක්ෂණ ගුණාංගයන් වල අත්දැකීම ලැබීමටනම්, අනුවණයන් ලෙස තමන්ගේ වටිනා phone ය තබා ගන්නේ නැත, apple සමාගමද මේ බදු තෙරපුමකට ඔරොත්තු දීමට i phone ය සමත් යයි කෙදිනකවත් පවසා නැත. )

ඇත්තටම මෙය මා දකින්නේ අනෙකුත් තරගකාරී සමාගම් වල කූට වෙළද උපායන් මුදුන් පමුණුවා ගැනීමට කරන අසාර්ථක උත්සහයක් ලෙසටයි. ඒ සදහා බොහොමයක් forums හා blogger කරුවන් ඉදිරිපත්වී සිටීමත් කණගාටුවට කාරණයක් ,කිසිදු තර්කානුකුල දැනීමක් හෝ විද්ද්‍යාත්මක අවබෝදයක් නොමැතිව එම පිරිස් මේ වැනි අසත්‍යයයන් තුලින් තමන්ගේ ලිපි හා වෙබ් අඩවි වල ප්‍රචාරණය සිදු කරගනු ලබයි. කෙසේ නමුත් මේ වැනි දේවලින් මෙබදු සමාගම් වලට හෝ නව තාක්ෂණය ගැන දැනුමක් ඇති ඒවා බාවිතා කරන්නන් හට හෝ කිසිදු බලපෑමක් සිදු නොවෙන බවත් කිව යුතුයි.

පහතින් දක්වා ඇත්තේ I Phone හි මතුපිට ආවරණයේ හා screen එකෙහි ඇති විශේෂීත ගුණාංගයන්ය-

  • Stainless steel and titanium inserts – මල නොකන වානේ සහ titanium ලෝහය අන්තර්ගත කර නිමවා ඇති වීම
  • first Anti-fingerprint oleo-phobic coating with Strongest “Corning gorilla glass” using in the smartphone industry – ඇගිළි තුඩු ස්පර්ශයෙන් වන සිරීම් හා ජලයෙන්  screen එකට ඇති විය හානි වැලැක්වීම සදහා ලොව පළමුවෙන් ම හදුන්වා දුන් oleo-phobic නමැති රසායනික සංයෝගයක් ආලේපිතවූ “Corning gorilla glass” නම් විශේශිත වූ ආවරණයකින් ද සමන්විත වීම.(මේ වන විට මේහි අලුත්ම සංස්කරණය වන gorilla glass 03 අන්තර්ගතවී ඇත.)

මා බලොපොරොත්තු වෙනවා i phone 6 plus පිලිබදව දැනට ඇති වී තිබෙන මේ දුර්මතය තව නොබෝ දිනකින්ම  පහව යනු ඇති බවට. එමෙන්ම මෙය නව තාක්ෂණය නිවැරදිව අත්විදීමට අපේක්ෂාවෙන් සිටින්නන් ගේ දැනගැනීම සදහායි.

Advertisements

About Chamila's Tech Blog

Microsoft certified Freelance IT professional specialized for computer hardware and networking , with more than 10 years hand-on experience. since 2005 as an technical support person providing technical solutions for the individual users, local and foreign companies.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s